පුද්ගලික ව මට නම් අප්‍රියයන් හා එක් වීම කණගාටුදායක දෙයක් වෙන්නෙ ආශ්‍රය කරන්න ඉතා ම ප්‍රියමනාප යහපත් මිනිස්සු මේ ලෝකෙ ඇති පදම් ජීවත් වෙන වග දැනෙන කොටයි. අන්‍යයන් ගැන ඉතා ම කරුණාවෙන් පවතින, ආදරණීය මිනිස්සු ඉන්න ලෝකෙක අපිට ඔවුන් වෙනුවට අයහපත් ඇත්තන් සමඟ කෙටි කලකට හෝ ගනුදෙනු කරන්න සිද්ධ වෙන එක කණගාටුවක්.
If you want a happy life, get rid of toxic people කියලා කතන්දරයක් තියෙනවනෙ. ඉතින් ඒ අත්මිදීම - මේ ලිපියෙ මාතෘකාවෙනුත් කියැවෙන කාරණාව දෙවිදියකට කළ හැකියි. එකක් භෞතික ව එහෙම මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක. එහෙම මඟ හරින්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. ඒත් සමහරුන් ව එහෙම භෞතික ව අත් හරින්න අපහසුයි. කොතෙක් මඟ හරින්න හැදුවත් අහේතුක ව අපිත් එක්ක පැටලෙමින් එනවා. අපි නොදන්නවා වුණාට අපේ සංසාර බන්ධන හරි බරපතළයි. පූර්වාත්මවල අමනාපකම් මේ භවයටත් බලපානවා වෙන්න පුළුවන්.
ඒත් ඒ සම්බන්ධයෙන් වුණත් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමා මේ භවයට මල්ල පුරවගන්නැතුව ඉන්න එක. මොකටද නිකං තව කෙනෙක් ගැන වෛරයක් නඩත්තු කරන්නෙ. රවනවට වඩා හිනා වෙන එක පහසුයි වාගෙ ම වෛර කරනවට වඩා මෛත්‍රී කරන එක ලේසියි. ඒ නිසා ඒ වගේ අය ගැන අපේ හිතේ තියෙන වෛරය මානසික ව අත් හරින එකයි කළ යුතු වන්නෙ. බාහිර පුද්ගලයෙක් ගැන ඇති වන වෛරයකින් දිග් ගැහෙන්නෙ අපේ සංසාරයමයි. ආගමික අරුත පැත්තකින් තියලා බැලුවත් එතැනින් කිළිටි වෙන්නෙ අපේ හදවතමයි. ඒ නිසා හොඳම වැඩේ තමා ඔවුන්ට ඔවුන්ගෙ පාරෙ යන්න දීලා අපි අපේ පාරෙ ගමන් කරන එක...
අනිත් එක ඒ වාගෙ අය ගැන අපේ හිතේ තියෙන වෛරය පවා එක්තරා ආකාරෙක බැඳීමක්. කෙනෙක් තව කෙනෙක්ට වෛර කරන්නෙත් ඔහු හෝ ඇය ගැන හිතන නිසානෙ. ඔවුන් හා සම්බන්ධ අප්‍රසන්න මතක මතක් කරන නිසානෙ. ඉතින් අප්‍රියයන් ගැන වෛරයක් ඇති නොකරගෙන ඉන්න අපට පුළුවන් නම් ඔවුන් ගැන හිතන එකත් ඉබේටම නතර වෙනවා. එක පාරක් උත්සාහ කරලා බලන්න.. අප්‍රියයන්ට වෛර කිරීම නැවැත්තුවාම ඔවුන් ඔබේ ජීවිතයෙන් ඉබේටම ගිලිහිලා යනවා.
ඒක කියන තරම් පහසු නැහැ. වැසි දැරියටත් ආශ්‍රයට අප්‍රිය කෙනෙක් මුණ ගැහෙද්දි හරි අපහසුයි. තරමක් තරහත් යනවා. ඒත් ඒක අඩු කරගන්න දැන් උත්සාහ කරමින් ඉන්නවා. දවසක් වැසි දැරිය යමෙක් ගැන තරහ ගිහින් ඉන්න මොහොතක රීසිවරේ එහා පැත්තෙන් ඇහුණු සන්සුන් කටහඬකින් ඒ තරහා හොඳටම නිවිලා ගියා.
මට නම් තරහකාරයන්ව ඈත් කරන්න කොයි තරම් වුවමනාද කිව්වොත් මං එයාලා එක්ක තරහින් ඉන්න එක අතෑරලා දානවා.. ඔයත් එහෙම කරන්නකො...
කොයි තරම් අපහසු වුණත් එහෙම කරන්න පුළුවන් නම් හිතට සැහැල්ලුවක් දැනෙනවා. ගල් දෙකක් වුණත් එකිනෙක ගැටීමෙන් උපදින්නෙ ගින්දර ම පමණයි. ඒත් කා එක්කවත් ගැටෙන්නේ නැතුව ජීවිතයට තමා මත්තෙන් ගලා යන්න ඉඩ දුන්නාම නිවිහැනේ හුස්ම ගන්න පුළුවන්. යහපත් මානව සම්බන්ධතා ගොඩ නැගෙන කොට අයහපත් මානව සම්බන්ධතාවල නිස්සාරත්වය අපට ම වැටහෙන්න පටන් ගන්නවා.
අනෙක් අතට කොතෙක් ආශ්‍රයට අපහසු අය මුණ ගැහෙද්දිත්, ඔබට පුළුවන් නම් මනුෂ්‍යත්වය ගැන තියෙන අප්‍රමාණ විශ්වාසය නැති නොකරගන්න, අඩුම තරමෙ මිනිස්සු අපට දෙන අයහපත පෙරළා ලෝකයට එකතු නොකර ඉන්න, කොතෙක් අප්‍රියයන් ඔබේ ජීවිතේට ළං වුණත් ඔබ පැරදිලා නැහැ.
Agree 100% ආත්තම්මේ !!! (ආත්තම්මේ copyright රවී වීරසිංහ Esqr)
ReplyDeleteමාත් රවී මාමා කලින් පෝස්ට් එකේ කිව්ව අර යොවුං පරපුර විදියට හිතන්න පටන් ගන්නෝනෑ.. එතකොටවත් මං වයසට ගැළපෙන පරිකල්පනයක් තියෙන දැරියක්ය කියලා මේ නාකි මාමලා දෙන්නා තේරුං ගනීවිනේ ඕං..))
Deleteඑහෙම හිතන එක සාධාරණයි. හැබැයි එහෙම ලියන ඒවා අපි එච්චර ගරුත්වයකින් කියවයි කියල හිතන එක අසාධාරණයි.
Deleteඅප්පේ...)))
DeleteIan,
Delete/ හැබැයි එහෙම ලියන ඒවා අපි එච්චර ගරුත්වයකින් කියවයි කියල හිතන එක අසාධාරණයි./
ආය මොනවද? බිලීව් ඉට් ඕ නොට් මචං...ගරුත්වය කොච්චරක්ද කියනවනං මේ අම්මණ්ඩි ලියන එව්ව මම කියවන්නෙ පුටුවෙන් නැඟිටල..ඕ...යස් ...මේ ඇත්තමයි.
........)))))))))
Deleteඅප්‍රියයන් ළං වීමත් ප්‍රියයන් වෙන් වීමත් ජීවිතයේ බොහෝ දුරට අත්විදලා තියෙනවා. එත් ප්‍රියයන් වෙන්වීම, අප්‍රියයන් ළංවීමට වඩා ඉවසීමට අසීරු දෙයක් මට.
ReplyDeleteජයවේවා!!!
ඒකත් එහෙම තමා. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් අප්‍රියයන් හා එක් වීමත් දෙකම දුක් කියලා බුද්ධ දේශනාවෙ සඳහන් වෙන්නෙ නිකමට නෙමෙයිනෙ..)))
Deleteඅනිවාර්යයෙන්ම...කෙනෙක් එක්ක තරහ වුනාම කරන්න තියන හොඳම දේ අත්හැරීම.මොකද වෛරය කියන දේ හිත තුළ ඇති වෙද්දි ඒක මුහුණෙනුත් පේනවා හරි ඉක්මනට...කෙනෙක්ට දෙයක් හිතන්න පුලුවන් නගාගෙ ලිපියෙන්..
ReplyDeleteඉයන් මාමා කූවා වගේ නගා අත්තම්ම කෙනෙක් වෙලාද...හි හි හි
හනේ හනේ අවුරුදු ගාණකට පස්සෙ කොහෙදෝ ඉඳල ඇවිත් එයත් පටන් ගත්තා මට හිනාවෙන්න.. දෙනවා දෙකක්..))
Deleteමට පෙන්නන්න බැරි කීපදෙනෙක් ඉන්නවා වැඩ කරන තැන.
ReplyDeleteඅදටත් බොහොම අමාරුවෙන් තමයි වැරදි වචනයක් පිටවෙන එක වළක්වාගෙන ඉන්නේ...
මක් කරන්නද විභීෂණ?
Deleteඒ වගෙ අය නිතර දෙවේලේ හම්බවෙන එක නම් වදයක් තමා. හැමෝගෙම ජීවිතවල එහෙම අය ඉන්නවනෙ. කරන්න තියෙන හොඳම දේ උන්දැලාව මනසින් අතාරින එක.
මම මට අප්‍රිය එවුන් ප්‍රිය එවුන් කරගන්නව ඒක හෙන ලේසි වැඩක්......හැම එකෙක්ගෙම හොඳක් තියනව ඒ හොඳ බලාපොරොත්තු නොවී ඌව ආශ්‍රය කරනව එතකොට ඌ නිකම්ම ප්‍රිය වෙනව:)
ReplyDeleteගොඩ දෙනෙක්ට ඒක ඇප්ලයි කරන්න පුළුවන් තමා.ඒත් සමහරු ඉන්නවා මක් කරලවත් එක මගක යන්න බැරි..))
Delete"අනෙක් අතට කොතෙක් ආශ්‍රයට අපහසු අය මුණ ගැහෙද්දිත්, ඔබට පුළුවන් නම් මනුෂ්‍යත්වය ගැන තියෙන අප්‍රමාණ විශ්වාසය නැති නොකරගන්න, අඩුම තරමෙ මිනිස්සු අපට දෙන අයහපත පෙරළා ලෝකයට එකතු නොකර ඉන්න, කොතෙක් අප්‍රියයන් ඔබේ ජීවිතේට ළං වුණත් ඔබ පැරදිලා නැහැ."
ReplyDeleteස්තුතියි වර්ෂා . ඔබ මට වැඩිය වයසින් කුඩා වුණත් පරිකල්පනය අතින් වැඩිමල්. අප්‍රිය අයව ඉවසන්න ගිහිං අමාරුවේ වැටුණු අවස්ථාත් එමටයි. ඒත් ඔබ කී විදිහට මිනිස්සු අපිට දෙන අයහපත පෙරළා ලෝකයට එක් නොකර සිටීමේ වෑයම නම් හරිම අනර්ඝයි.
මේ ලියන මටත් අප්‍රියයන් එක්ක ගනුදෙනු කිරීම හරි අපහසුයි.ඒත් අප්‍රියයන් ගැන කළකිරෙන්නේ නැතුව ලෝකයට යහපත එක් කළොත් අපේ හිතවත් සැනසෙනවා.
Deleteමං හිතන්නේ වර්ෂා අපිට කෙනෙක් අප්‍රසන්න වෙන්නේ අපේ දැක්කම අනූව.. අපිට මුණගැහෙන හැමෝටම ඒ කෙනාගේ අඩුපාඩු පසෙකින් තියලා ලෙන්ගතුකමින් ආදරෙන් කතා කරන්න වඩ කරන්න අපි හුරු වෙනවා නම් කෙනෙකුට හරි අමාරුයි අපිට අප්‍රසන්න කෙනෙක් වෙන්න...මොකද එහෙම පුරුදු උනාම අප්‍රසන්න දේවල් අපේ මනස දකින්නේ නැ..
ReplyDeleteIn my son's pre school I saw this..
"We all same .. we all different "