Thursday, September 8, 2016

මල් තරංගයක් වෙමී, ඔබේ නුවන් දැලේ.. - රේඩියෝ රොමෑන්ස්..!


වැසි දැරිය ගීත අහන්න ආසා කරන්නෙ සවසත් රැයත් අතර අන්තරාභව සමයෙදියි.. ලා ඉරු එළිය මැද්දෙන් හඳවතුර වෑස්සෙන්න පටන් ගන්න වෙලාව.. ඒ වෙලාව හවසටත් රැයටත් කියන දෙකට ම අයිති නොවෙන චමත්කාරජනක වෙලාවක්.. හැබැයි ඒ වෙලාවට වඩාත් ම රොමැන්තික ගුවන් විදුලියෙ ගී අහන එකයි.. කප්පරක් සින්දු ඩවුන්ලෝඩ් කරන් උන්නත් ගුවන් විදුලියෙ ගීත අහද්දි දැනෙන හැඟීම්, බාගත කරගත්තු ගීතවලින් ලබන්න අමාරුයි... 

ඒකටත් හොඳ ගුවන් විදුලි නාලිකාවක් අල්ලාගන්න ඕනෑ.. සල්ලි දීලා තමුන්ගෙ නාලිකාව බලෙන් අස්සවගන්න සමහරක් නාලිකා, ගීත අහන්න කිසිසේත් ම ගැළපෙන්නෙ නැහැ. වැසි දැරියගේ අත්දැකීම්වල හැටියට සිටි එෆ් එම්.. ලක්හඬ.. සිත එෆ් එම්.. රන්ගිරි..  වී.අයි.පී.. වගේ අතළොස්සක් නාලිකාවල ගීත අසනීප නොවී අසා සිටින්නට පුළුවන්..! 

ඉංග්‍රීසි ගීත අහන්න ආසා කරන කෙනෙකුට කිස් එෆ් එම් සහ ලයිට් එෆ් එම් තමා මට හිතෙන හැටියට අපූරු ම නාලිකාවන්.. කොහොමද රැයේ මන්ද කළුවර මැද්දෙන් Thousand Years ඇහෙද්දි.. ඒ හැඟුම විස්තර කරන්න නම් වචන හොයාගන්නත් අපහසුයි..

'..heart beats fast
colours and promises
how to be brave..
how can I love when I'm afraid to fall..'

ඒ කොයිහැටි වෙතත් මේ ලිපිය ලියන්නට හිතුණෙ දැන් ටික කලකට පෙර ඇසුණු ගීතයක් නිසයි.. ඒක නිරන්තරයෙන් ඇහෙන ගීතයක් නම් නොවෙයි.. අවාසනාවකට වගේ ඒ ගීතයේ ඇඬුම් වැළපුම් කොටස් නැහැ. රූපරචනාවකුත් නැහැ. අද කාලෙ එහෙම ගීත ජනප්‍රිය වෙන සම්භාවිතාව ඉතා ම අඩුයි.. 

ලාවට හඳ මෝදු වී ගෙන හැන්දෑ වරුවක, කාමරේ විදුලි පහන් නිවා දාලා, පොත් රාක්කවලින් වට වෙච්ච මගෙ කුඩා කුටියෙ බිම ඉඳගෙන ආරාධනා ස්වර දැහැන අහමින් ඉන්න වෙලාවකයි, මට මතක හැටියට ඔය ගීය ප්‍රචාරය වුණේ.. 

'සල් සමන් සුගන්ධිනී
වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී
ඔබේ නුවන් දැලේ.....'

මේ මොහොතෙදිත් ඒ ළයාන්විත කටහඬ යුගලය හදවතේ ඇතුල් බිත්ති පිරිමදින්නා වාගෙයි.. 

'ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ..'
'මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළි රූ මැවේ..'
'නිසංසල සඳක්..' 

ඔය වාගෙ රේඩියෝ රොමෑන්ස් අනන්තයි.. අප්‍රමාණයි..  ඒවා ආදරයට එල්ල කළ හැකි අධිබල විදුලි ධාරාවන්.. ඕනෑ ම මෝඩ රණ්ඩුවක් ක්ෂණයෙන් විසඳන්න රොමැන්තික ගී පදයකට විසල් ශක්තියක් තියෙනවා.

අන්න ඒ නිසා ගීතවලින් තොර ආදරය ලුණු නැති හොද්දක් වාගෙයි.. 

වරදක් නෑ තමා .. ඒත් රසවත් බවකුත් නෑ ..!

22 comments:

  1. මං නං ඉතිං ගෝල්ඩ් එෆ් එම්මුයි.. රන්පතුයි තමා.. හැක්

    ReplyDelete
    Replies
    1. හී.. සල්ලි එහෙමත් හම්බුවෙලා ඇති එහෙනම්..))

      Delete
  2. වර්ෂා ‘‘සල් සමන් සුගන්ධිනී‘‘ ලියූ හේමසිරි ගුණතුංග මහතා උදේ හවා මට හමුවෙනවා. ඔහු ගැන ලියූ සටහනක් මේ... මමත් මේ ගීතයට හරිම කැමතියි.

    http://tharurasi.blogspot.com/2015/06/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ඒ ගීතයට අපි ඉතා ම ආදරය කරන වග එතුමාට කියන්න..))

      ඔයාගේ ලිපියත් කියෙව්වා තරු අක්කේ.. ස්නේහයේ නගරයයි කියන්නෙත් මං ගොඩක් ආසා කරන සින්දුවක්.. බිඟු රෑන වගේ මේ ළඟකදි තමා අහන්න ලැබුණේ.. ඒකත් අපූරුයි..

      Delete
  3. රේඩියෝ අහන්නේ ඕනවට එපාවට . යාල්පානමට ඇහෙන්නේ සිංහල නාලිකා දෙකයි.සෙනසුරාදා ඉරිදා හවස හතට බණ අහනවා හැරුණාම ගීත ඇසීමක් නෑ. ස්තුතියි මේ ලිපියට. නොදන්නා හැටියට හරි ඉංගිරිස් නාලිකාවක් හොයාගෙන අහන්න ඕන අප්පා .

    ReplyDelete
    Replies
    1. මෙතූ නෝනා නිත්‍යරංජනා කෙනෙක් කියලා දැනන් උන්නේ නැහැ නොවැ..))

      වැසි දැරිය අහන්න මනාප ත්‍රිපිටකය පදනම් කරගත්තු බණ.එහෙම නැත්නම් ඉඩපාඩු හදාගෙන ත්‍රිපිටකය කියවනවා.බණ සීයක් ඇහුවා වගේ තමා ත්‍රිපිටකයේ පිටු දහපහළවක් කියෙව්වම..

      පුද්ගලික ව මටත් සිංහල සින්දු තරම් ඉංග්ලිෂ් සින්දු හදවතට දැනෙන්නෙ නැහැ.ඒක මාතෘ භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් මට හිතෙන්නෙ. ඒත් වෙලාවක කිස් එෆ් එම් අහලා බලන්ට.. බොනි එම් සිට වන් ඩිරෙක්ෂන් දක්වා හද කම්පා කරවන සින්දු විඳින්න පුළුවන්..))

      Delete
    2. මුලින් ඉංග්‍රීසි සිංදු තමන්ගේ කරගෙන රස විඳින්න අසීරුයි...ඒත් ලංකාවෙන් පිට ගිහින් ජිවත් වෙද්දී, නිතරම ඉංග්‍රීසි සිංදු ඇහෙන්න ගත්තම එවායෙනුත් ලොකු වින්දනයක් ලබන්න පුළුවන් කියල දැනෙනවා...

      Delete
    3. මේං මේ වගෙ ඉංග්‍රීසි සින්දු අපට අපේ ම කරගෙන අහන්න පුළුවන් ඒවා..))

      https://www.youtube.com/watch?v=ulOb9gIGGd0

      Delete
  4. මට හිතෙන්නේ එෆ් එම් තේරීම හරියට ම හරි... ඔය ටිකේ තමයි දැන් සිංදුවක් අහන්න පුලුවන්.. ආරාධනා ස්වර දැහැන අපූරු වෙලාවකට යන අපූරු වැඩසටහනක්...

    සල්සමන් සුගන්දිනී කියන්නේ මගෙත් සිත් ගත්ත සිංදුවක්..
    අපූරු සටහනක් වැසී...

    ReplyDelete
    Replies
    1. මට මතක ඇති කාලයෙ ඉඳන් අපි ආරාධනා ස්වර දැහැන ඇහුවා.. දැන් දැන් වැඩ අධික නිසා අහන්න වෙන්නේ කලාතුරකින්.. ලංකාවෙ හොඳම සුභාවිත සංගීත වැඩසටහන කිව්වත් වරදක් නැහැ..!!

      ස්තූතියි නිර්මාණි ඇගයුමටත්.. ඒ සිංදුව තමා මේ ලිපිය ලියන්න මට බල කළේ..))

      Delete
  5. //කප්පරක් සින්දු ඩවුන්ලෝඩ් කරන් උන්නත් ගුවන් විදුලියෙ ගීත අහද්දි දැනෙන හැඟීම්, බාගත කරගත්තු ගීතවලින් ලබන්න අමාරුයි...

    කියල වැඩක් නැත :)


    //සිටි එෆ් එම්.. ලක්හඬ.. සිත එෆ් එම්.. රන්ගිරි.. වී.අයි.පී.. වගේ අතළොස්සක් නාලිකාවල ගීත අසනීප නොවී අසා සිටින්නට පුළුවන්..!

    ඔය සිත fm මම මේ දවස්වල අහනව ඉඳල හිටල.

    ඔය කියන වෙලාව අැවිල්ල,
    සැඳෑ අඳුර ලොව ගලන වෙලාව
    කවුලු පියන්පත් වැහෙන වෙලාව
    (මදුරුව එලියට බහින වෙලාව :D)

    මට ඔය වෙලාවත් අැතුලුව ඔතන ඉඳං 11-12 වෙනකං අහන්න පුලුවනි :)

    ReplyDelete
    Replies
    1. මයෙ හිතේ අපි හිතාමතා අහන සින්දුවකට වඩා අහම්බෙන් ඇහෙන ඒවා මාර විදියට වදිනවා අලියො..

      සිත එෆ් එම් වලටත් වඩා සිටි එෆ් එම් අපූරුයි මට හිතෙන හැටියට නම්..))

      අහන්න නම් පුළුවන්.. මැදින් නිවුස් යන එක තමා අවුල..))

      Delete
  6. //කවියට පෙම් බඳින හදකින් ගීයකට ගීත පිළිතුරක් ලබාගැනීම අසීරුයි.. //

    මේ කතාව බොහෝ දුරට ඇත්ත...ගීතයකින් පිළිතුරක් එන්න නම්, ඒක අදාළ කවියාගේ හදවතට කා වැදුන ගීතයක් වෙන්න ඕනේ...

    රසවත් සටහනක්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ප්‍රේමකීර්ති ලියපු ගීත තමා ගොඩක් වෙලේට කවි හිතකට වැඩිපුර ම දැනෙන්නෙ...

      උදාහරණ විදියට සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.. තරු අත් අකුරින්.. පිය මඳහස මුව මුකුළු තබා.. කුරුල්ලන්ට ගී ගයන්න.. කඳුළැල් සලා.. මිහිරැති වසන්ත කාලේ..

      ස්තූතියි පොකුරු වැහි..!!

      Delete
  7. ලිපිය කියවල යූ ටියුබ් පැත්තෙ ගියා....හයූ මේකෙ සිංදු පෝලිමේ එනවෝ...ඔක්කොම හොදයි...ඩේට ටිකට බුදු සරනයි..!

    ReplyDelete
    Replies
    1. හපොයි දෙය්යනේ.. ෆ්‍රී වයිෆයි ඒරියා එකකට ගොහිල්ලාවත් ඩවුන්ලෝඩ් කරගන්න..))

      Delete
  8. මට තරහ නැතුව කියන්න පුළුවන්ද ආරාධනා ස්වර දැහැන විකාශය වෙන වෙලාව? මං රේඩියෝ අහන්නෙම නැති නිසා දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. පටන් ගන්න වෙලාවෙ ඉඳල පිළිවෙළට අහන්නෙ නැති නිසා එහෙම කියන්න නම් දන්නෙ නැහැ.රැ හතේ ඉඳල නවය වගේ වෙන තුරු තමා මං හිතන්නෙ විකාශනය වෙන්නෙ.. නාලිකාව සිටි එෆ් එම්..!!

      Delete
  9. මම උදේට ඔෆිස් එන්න ලැස්ති වෙන ගමන් Sun FM. හවස ඉඳන් රෑ වෙනකම් Youtube එකේ Electro Dance Music (EDM) තමා. මෙලෝ රහක් නම් නෑ. එත් මරු..

    රෑ එලි වෙනකම් නෙත් fm එකේ පිරිත් දානවා.. නැත්නම් රෑට යක්කු එනවනේ..

    ReplyDelete
    Replies
    1. ඔහේ වගේ යකෙක් ගාවටත් යක්කු එනවා කියන්නෙ අටපට්ටමට දාන්න ඕනැ කතාවක්..))

      Delete