ජපුරේ මංපෙත් දිගේ ඇවිද යද්දී මෑත අතීතේ සරසවියත් - ඈත අතීතේ සරසවියත් වැසි දැරියට සිහිපත් වෙනවා. දෙවසරකට මෙහා මෑත අතීතේ සරසවියට පා තැබූ ගමන් සුමංගලය වෙත, ඕපන් කැන්ටිම හෝ ජිම් කැන්ටිම වෙත දුව යන්නට වැසි දැරිය පුරුදුව උන්නා. යනෙන මග දිග බොහෝ දෙනා මුණ ගැහුණ, අතින් අල්ලා, වැළදගෙන කතාබස් කළ, සංවාද ගහ යට සංවාද කළ, තණබිම මත වාඩි වී බත් කටවල් හුවමාරු කළ, මනරම් මතක අද හුදෙකලා සරසවියෙ ඇවිද යද්දි මතු වෙමින් රිදුම් දෙනවා. කොතැනකින් හෝ ශේන්‍යා, සත්‍යා අක්කා, වාසනා, සොනික් අය්යා, පොඩි සමීරය්යා, කුරවි අක්කා, සචී වැනි කෙනෙක් මතු වෙතැයි හිතුණත් එසේ ප්‍රාදූර්භූත වෙන්නේ සරසවියට අරක් ගෙන සිටින - දුම්මල ගසාවත් ජපුරෙන් පන්නා දැමිය නොහැකි ලොකුසමීරය්යා නොහොත් සොනික් අය්යා පමණයි.
මෑත අතීතේ ඒ මතකයන්ට යටින් ඊට වඩා බරපතළ නොස්ටැල්ජියාවක් මතු වෙනවා. ඒ වැසිදැරිය සරසවි මානවිකාවක් වන්නට පෙර දවස්. ඇකඩමික් සමයෙ බොහෝ බශා හැන්දෑවරු මග ඇරුණත් ඉන් පෙර නොවැරදී හැම නලමුදු සුවදක්ම, හිමිදිරියක්ම, වේදිකා නාට්‍යයක්ම අත් නෑර විඳගත් මධුර අතීතයක මතක සුණු විත් හද පැටලෙන්නට පටන් ගන්නවා. අවුරුදු දහයක දැරියක්ව ඉද්දී අය්යලා අක්කලාගෙන් සරසවි කුරුටු ගී ඉගෙන ගත්, තෙල් බැමිවල වාඩි වී හැන්දෑ ඉරු එළිය යට තෙමුණු දවස් එකින් එක පෝළිමේ සිහියට නැගෙනවා.
දැන් සරසවිය ඔන්ලයින්. අලුතින් සරසවියට පැමිණෙනු ඇත්තේ සිය සහෝදර සමාගම සූම් සහ වට්සැප් හරහා පමණක් අදුනාගත් යොවුන් පිරිසක්. සරසවියේ අහුමුලු නොදන්නා පිරිසක්. ඒත් කවදාක හෝ ඔවුන් ජපුරේ රස තැන් එකිනෙක සොයාගෙන ඊට ආදරය කරන්නට පටන් ගනීවි. ඒ අලුත් සියොතුන් ඉක්මණින් පැමිණ සිය සරදාකාශයේ පියඹා යන තුරු ජපුර අපේක්ෂා සහගතව බලා ඉන්නවා වැනි හැගුමක් පාලුවට ගිය කසගස් පේළි අතරින් ඇවිද යද්දි වැසිදැරියට දැනෙනවා.
ඒ මතක මංපෙත ඔස්සේ ඇවිද යන කල වරින් වර වැසි දැරිය අතින් ජපුර ගැන ලියැවුණු කැත කවි ටිකක් මෙසටහන අග අමුණා තබන්නේ ජපුර කෙරේ වන ඇලීම නොමිදීම කෙළවර කොට ඇත්තක් බව දැන දැනමයි.
එකෙක් වැටුණොත් දහක් විත් සුවදුක් අහන
සහෝදර අත් වෙලී පැටලුණ රජදහන
සාර සිප් කටු මතින් සතපන මල් යහන
ජපුර නුබගැබ දුලන සුමගුල් සඳපහන
වේදිකාවෙන් මහපොළොව වෙත
බැස්සවූ බෝ දනන් දස දෙස
හමන නළමුදු සුවඳ වින්දේ
රොතු පිටින් නැග ජනෙල් පඩි අස
හිමිදිරියෙ සිට පහන් තරු තෙක්
නිමා නැති මිහිරක්ය ඇස ඇස
කොහේවත් වෙන රඟහලක් වෙද
ඉතින් සකියෙනි බ.ශා එක මිස
සංවාද නැති දවස්වලටත්
සංවාද ගහ වටේ ඉඳගෙන
කතා කළ හැටි කතන්දර, කවි,
සලරූප සහ හුඟක් දේ ගැන
වසර සතරෙන් අතෑරෙන මුත්
හුස්ම යන දින තෙක්ම පවතින
ජීවිතේ මිහිරිතම පාඩම්
සෝවුරනි, මේ බිමෙන් හමුවිණ!
වැසි දැරිය, පෝස්ට් එකේ නම දැක්ක හැටියේ කියවන්නෙත් නැතිව පහළට ගිහින් බැලුවේ ජපුරේ පින්තූර දාලාද කියලා. කෝ නැහැනේ :(
ReplyDeleteජපුරේ සොඳුරු මතක ඇවිස්සුනා මේ ටික කියෙව්වාම. සරසවියෙන් පිටවෙලා අවුරුදු ගණනක් ගියත් ඒ මතක තවමත් බොහොම නැවුම්!
හෙල්මැලිය,ස්තූතියි කමෙන්ටුවට. අද කොයි තරම් සරසවිය පාලුවට ගොහින්ද කිව්වොත් පින්තූර අල්ලන්න හිත් දුන්නෙ නෑ!
Deleteසහස් පියවරෙහි ජපුර ගැන මනරම් සටහන් තිබුණා මතකයි!
++++++
ReplyDeleteසතුටුයි, දිගටම ලිවීම ගැන.ස්තූතියි.
ReplyDeleteදිගටම කියැවීම ගැන ස්තූතියි!
Deleteවර්ෂා දැක්කෙ සෑහෙන කාලෙකින් නොවැ.
ReplyDeleteකොහෙ වහං වෙලා උන්නෙ
පහුගිය කාලෙ නොලිව්වා නොවෙයි. ඒත් දිගටම ලියන්න වුණේ නෑ.
Deleteවැහි වැටෙන තැන මකුළු දැල් කඩලා ගත්තා කලකට පස්සෙ!
ඒනම්.. දිගටම ලියමු 🙂🙂🙂
Deleteආයේ බ්ලොග් කලාවට පණ එනවා නම් මොනවා බැරිද!
Delete+++++++
ReplyDeleteතුති!
Delete