Saturday, March 16, 2013

ම'කිවිදි!


නිල් තාරුකා පෝළිම් සැදී
දුර අහස මත නෑගම් යතී
කිසිදාක නොබිණූ නුඹ අදත්
මා අසළ නොමවයි සුර ලොවක්

පෙන්නුවා නම් නුඹ මට යමක්
අද මතු නොවෙයි එදවස වුණත්
ඒ පෙන්නුවේ ඇත්තම මිසක්
නොව සිහින දුහුවිලි රැදි තැනක්

පෙන්නා දුකින් වැළපෙන දනන්
ජීවිත ඉරුණු සන්නාලියන්
නව ඇසක් දී මා ඉපදවූ
මගෙ කිවිදියේ මෙවදන් අසන්

කවියක්ය නුඹ හැම දෙන කියත්
කිසි දිනක නොහගිමි ඒ බවක්
මේ සසර මග නිම වන තුරුත්
හැමදාම නුඹ නම් මට මවක්

23 comments:

  1. ලස්සනයි නංගී...

    ReplyDelete
  2. එලා...ස් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ....

      හැමදාම කියනවා රාජ සම්පත් එපා කියලා.කිව්වට අහන්නේම නෑනේ..))))

      Delete
  3. harima lassanayi nangi....man meken kawi dekak mage blog eke damma...e oyage kiyala dalama thamayi...mara widiyata hithata waduna nangii.........

    ReplyDelete
  4. ලස්සන කවියක් නංගි..:)

    ReplyDelete
  5. හරි ලස්සන කවියක් නංගි. හොරෙන් කියවලා හොරෙන් යන්න හිතුනෙම නෑ....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අනිත් දවසට හොරෙන් කියවලා හොරෙන්ම යනවානේ....කැතයි හොදේ ...ඔහොම තමයි හරි ගියාම!

      Delete
  6. අම්ම ගැන කොයිතරම් දේවල් නම් තියෙනවද ලියන්න නේද?

    ReplyDelete
  7. ලස්සනයි! :) ප්‍රමාද උනාට සොරි! :)

    ReplyDelete
  8. වැස්ස වස්සන්නී... මම බ්ලොග් වලට අලුත්. අහම්බෙන් මේක දැක්කෙ. වැස්සට ආස නිසා ආවා. :)

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි දිලටම එන්නකෝ!

      Delete
  9. ලස්සනයි පැට්ටෝ...... ඔයාගෙ චූටි වයසට ඔයා හැකියාවෙනුයි භාෂාවෙනුයි දෙකෙන්ම ගොඩක් පෝසත්.....

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෝ එච්චර නෑ අක්කෝ.තැන්කූ!

      Delete
  10. //පෙන්නා දුකින් වැළපෙන දනන්
    ජීවිත ඉරුණු සන්නාලියන්//

    මෙතන නම් උපරිමයි නංගෝ!! බොහොම අගෙයි!!
    ජය වේවා!

    ReplyDelete