පුස්තකාලෙ.. මේ ලෝකෙ තියෙන කදිම ම තැන්වලින් එකක්. පරණ පොත් රාක්ක අස්සෙ - පොත්වල සුවඳ විඳිමින් වැහි දැරිවි කොයි තරම් වාර ගණනක් පුස්තකාලෙ එහෙ මෙහෙ ඇවිදලා ඇති ද.. අවුරුදු පහක් හයක් වෙච්ච කාලෙ අම්මගෙ අතේ එල්ලිලා පුස්තකාලෙ ආව මතකෙ ඒ පොත් සුවඳ අස්සෙන් හිත පිරිමදිනවා. කාලය කොයි තරම් දුරක් ඉගිලිලා ගිහිල්ලද කියලා දැනෙන්නෙ ඒ දවස්වල කියවාපු පොත් - ඒ පරණ මතකයත් එක්ක ආපහු අතට අහුවෙද්දියි..
ඉතින් මං කවි පොත් අස්සෙත්, සිංහල - ඉංග්‍රීසි නවකතා අස්සෙත් සිදු වෙන සුපුරුදු ගමන් චාරිකාව දිගට ම කරගෙන යනවා.
එතකොට තමා මගේ අතට පරණ මතකයක් අහුවෙන්නේ..
"වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්.."
ඒ පොත ගැන මතකයක් තිබුණත් ඒ වෙද්දි වැසි දැරිය ඒක කියවලා නැහැ. ඒත් ලෝරා ඉන්ගල්ස්ගේ ජීවන වෘත්තාන්තය අළලා ලියැවුණු වන අරණක කුඩා නිවස පොත් මාලාවෙ පරිවර්තිකාවගේ වෙනත් කෘති යටතේ මේ පොතේ නම සඳහන් වුණ හැටිත් - ඒ අකුරු පේළිය දැකලා මේ පොත කියවන්න නොතිත් ආසාවකින් උන්නු හැටිත් ගැන අපැහැදිලි ඉපැරණි මතකයක් මගේ හදේ තියෙනවා. ජැක් ලන්ඩන් විසින් ලියන ලදු ව ගංගා නිරෝෂීණී අතින් සිංහලයට නැගුණු මේ පොත දුටු මතින් ම මා අතට ගත්තේ එනිසයි. මේ ලිපිය කෙළවර කරලා කරන්නට තියෙන පළමුවැනි කටයුත්තත් වයිට් ෆෑන්ග් කියවන එක යි.
ඊළඟට හිත පැහැර ගත්තේ, මැග් කැබොට්ගේ "Teen Idol" කියන තරමක් සුකුරුත්තම් පෙනුමක් තිබුණ පොතක්. සාමාන්‍යයෙන් නම් වැහි දැරිවි මේ වාගෙ පොත් කියවනවා බොහෝම අඩුයි. ඒත් පොතේ අග පිටුවෙ තිබුණු කතාවෙ සාරංශය දුටුවාම මේක මැග්ගේ සුපුරුදු මල් කතා ශෛලියෙන් බැහැර ගිය වෙනස් කතාවක් කියා මට හිතුණා. හිතුවා වාගෙ ම ඒක කදිමයි තමා. සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා විඳිමින් උන්නු බයංකර වැහි දවසක් එපා නොවී ගෙවා දමන්න උදව් වුණේ ඒ කදිම නවකතාව. අවුරුදු දහඅටක නව යොවුන් දැරියකට සමාජ වෙනසක් කළ හැකිය යන්න, ඉතා ම සිත් ගන්නා සුළු අන්දමින් ලියා තිබුණු - මානව දයාව පිරුණු කතන්දරයකුයි එහි අන්තර්ගත වූයේ...
තවත් අපූරු පොතක් එදා පුස්තකාලෙදි මුණ ගැහුණා. ඒ වෛද්‍ය ස්පිටල්ගේ දියණිය ක්‍රිස්ටීන් ස්පිටල්ගේ "I am the Wings" නවකතාව. මාපිය දූදරු බන්ධනය සම්බන්ධ ලෝක ප්‍රකට උදාහරණවලදී ඉදිරියෙන් ම ඉන්න මේ අපූරු තාත්තාත් - දෝණීත් ගැන තවත් ලිපියක් ලිවිය යුතු තරමින් කරුණු තිබුණත් ඇගේ කතාව ගැන ම කතා කරන්නට හිත බල කරනවා.
"අත්තටු මැවිලා" නමින් අනුලා ද සිල්වා අතින් පරිවර්තනය වුණු "I am the Wings" කුතුහලයෙන් පිරුණු නවකතාවක්. කතාවේ ඇරඹුමේ සිට අවසානය දක්වා විසල් සීතලක් තිබුණා. ලංකාවේ සේවය කළ වෛද්‍ය යුවළකට දා ව උපන් හින්දාමදෝ ක්‍රිස්ටීන් අතින් ලියැවුණු බොහෝ නවකතාවලට පාදක ව ඇත්තේ ලංකාවේ පරිසරය. මේ කතාවටත් එය පොදුයි. ප්‍රේමයෙත් - ත්‍රාසයේත් සංකලනයක් වූ මේ කතාව කියවන්නට පුරා හෝරා තුනක් සහ කෝපි බඳුනක් වැය වුණා. කඳුකරයේ ඒ හෑම තැනකම කතාවේ චරිතත් සමග මාත් ඇවිද ගියා වාගෙයි මට දැනුණේ. ඒ වාගේ ම අප රට පාලනය කළ සහ අප රටට සේවය කළ බහුතරයක් සුදු ජාතිකයන් ලාංකේය සංස්කෘතිය හෙළා දකිමින් කතා කළ යුගයක ක්‍රිස්ටීන් අප සංස්කෘතිය පිළිබඳ දක්වන ආදරය මාව විස්මයට පත් කළා.
"I am the Wings" සහ "Teen Idol" කතාන්දර දෙක එකිනෙකට හාත්පසින් වෙනස් නවකතා දෙකක්. පරිසරයත් වෙනස්. කතා ශරීරයත් වෙනස්. සියල්ල එකිනෙකින් වෙනස්. ඒත් කතා දෙකේ ම තිබුණා සීතල ම සීතල දවසකට ඔබින සීතලක්. ඊට පරස්පර ව සීතල පරයාගෙන දැනෙන කෝපි උණුසුමකුත්.
ඉතින් අනෝරා වැහි දවසකට ඊටත් වඩා වුවමනා වෙන මොනව ද...???
මමත් පොඩි කාලේ හරි ආස වැඩක් පුස්තකාලයට යන එක. උසස් පෙල කරන කාලේ පාඩම් කලේ පුස්තකාලෙට වෙලා. හැබැයි ඒ මගේ කෙල්ලත් එක්ක. අදටත් ගෙදර ගියාම මම එතනට ගිහින් එන්නේ පුරුද්දට වගේ.
ReplyDeleteමමත් ඔයා වගේම පොත් ගුල්ලියක්. 10 වසරට එනකොට ඉස්කෝලෙ පුස්ථකාලයෙ පොත් ඉවර කලා. ඒත් ඉතින් අපිට කියවන්න පුලුවන් පොත් සීමාසහිතයිනෙ නංගි. මම ඔයා ගෙ ඇස අස වැසි පොත කියෙව්වා ඒක ගොඩාක් ලස්සනයි. අනිත් පොතුත් කියවන්න ආසයි. මම
ReplyDeleteඉස්කෝලෙ පුස්තකාලෙ පොත් ඉවර වෙන ගැටලුව අපේ යාලුවො කට්ටියටත් තිබුණා.
Deleteසිංහල ඕඩියෝ බුක්ස් සීමාසහිත වීම නම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තමයි.ඉංග්‍රීසියේ ඕඩියෝ බුක්ස් නැති පොතක් සොයාගන්න අපහසුයි.හැම පොතක ම ඔරිජිනල් එකත් එක්ක ඕඩියෝ බුක් එක අනිවාර්යෙන් ම එනවා.ඒත් ලංකාවේ තත්ත්වය නම් කියන්න කණගාටුයි..
ආ ඔයාට අර පොත් සෙට් එකේ පළමු පොත හම්බුනාද????
ReplyDeleteනැහැ.මගෙ පොත කවුරු හරි ගෙනියලා ගෙනත් දීලා නැහැ නොවැ..
Deleteකැම්පස් එකේ පුස්තකාලෙන් අරගන්නම්කො.. ඒකේ තිබුණා වාගෙ මතකයි..)))
I guess we are the last few remains of those who grew up with libraries and books
ReplyDeleteYes.The new children grow up with smart phones,I pads,video games and television...
Delete...pathetic...!
/"අත්තටු මැවිලා" නමින් අනුලා ද සිල්වා අතින් පරිවර්තනය වුණු.../
ReplyDeleteඅනුලා ද සිල්වා නෙවෙයි යෝදියෙ අනුල ද සිල්වා...අනුල ද සිල්වා..
අනුල ද සිල්වාගෙ දෙවියන්ගේ අඩවිය පරිවර්තනය මම කියෙව්වා. මට නම් ඒ හැටි ඇල්ලුවෙ නෑ ඒක...:)
ජැක් ලන්ඩන්ගෙ කතා නම් මරු.....
ඔව් නෙවෙන්නං.. ඒ පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් වෙලා...))
Deleteඇයගෙ අනිත් පරිවර්තනවලට මාත් එච්චර ලොකු කැමැත්තක් නැහැ.ඒත් ක්‍රිස්ටීන්ගේ රචනා ශෛලියෙ තියෙන අපූරු බව නිසාමද කොහෙද ඒ පරිවර්තනය නම් අපූරුවට තිබුණා.ඒක කියෙව්වේ කාලෙකට කලින්.මේ ඊයෙ පෙරේදා කියෙව්වෙ ඔරිජිනල් පොත - I am the wings..!
ජැක් ලන්ඩන් ගැන අවංකෙන්ම මෙහෙම පොඩිත්තක් ලියලා මදි.අවුරුදු හතලිස් ගාණක ජීවිතේ ඇතුළෙ අවුරුදු හතලිස්දාහක වැඩ කොටසක් කරපු බොහොම අපූරු මනුස්සයෙක්..!!
හෙහ්, ජැක් ලන්ඩන් ගැන මම දැනගත්තෙ හරිම අපූරු විදිහකට...
Deleteසැබෑ මිනිසකුගේ කතාවක් මම කියෙව්වෙ අවුරුදු අටේදි නමයෙදි විතර. ඒකෙ අර අලෙක්සේයි කකුල් දෙකම කැඩිල හිම උඩින් බඩගාගෙන එනවනෙ දවස් ගාණක් තිස්සෙ.එයාගෙ යාලුවො දෙන්නෙක් ඔන්න ඒ ගැන කතාවෙනව. එක්කෙනෙක් කියනව. "බලනවකො මේ මනුස්සය ඔහොම අමාරු තත්වයක ඉඳලත් හිම උඩින් බඩගාගෙන මෙච්චර දුරක් ආවනෙ" කියල. එතකොට අනික් යාලුව කියනව.."ඒකනෙ මට විස්වාස කරන්ටත් බෑ. හරියට ජැක් ලන්ඩන්ගෙ නවකතාවක් වගෙ" කියල.
ඉතිං ඒ දෙබස කියවල මට හරිම ආසාවක් ඇතිවුනා ජැක් ලන්ඩන්ගෙ පොතක් කියවන්ට.ඒත් ඒ ආසාව ඉස්ට කරගත්තෙ ඊට බොහොම පස්සෙ කාලෙක. ඉස්සෙල්ලම කියෙව්වෙ "Call of the wild" පොතේ ආරියවංශ රණවීරගෙ පරිවර්තනය "වන පෙත අඬගසයි" ඊට පස්සෙ නම් ලන්ඩන්ගෙ පොත් තුන හතරක්ම මම ඔරිජිනල් එකම කියෙව්ව....:)
සැබෑ මිනිසෙකුගේ කතාවක් පොතේ ඔය කියන හරිය කොයි තරම් උද්වේගකර ද කිව්වොත් ඒ මොහොත ඇතුලෙ ජීවත් වෙලා මිසක ඔහොම දෙබසක් මං මතක තියාගන නැහැ.අම්මා සහ මිහිකත,යුද්ධය සහ සාමය සහ අම්මා වගේ රුසියානු පොත් ගණනාවක් එවන්, අසිහියෙන් යුතුව කියැවූ පොත්..
Deleteජැක් ලන්ඩන් ඉතා ම අපූරු ලේඛකයෙක්.ඒත් ඔහුගේ පරිවර්තනය වෙලා තියෙන නවකතා ගණන බොහොම ස්වල්පයයි.කොහොමටත් call of the wild පොතේ ඈදුතු නවකතාව විදියට තමයි,White Fang හඳුන්වන්නෙ..
වැස්ස, කෝපි, පොත් හා සින්දුවක් .... දිවියලෝකෙ ගියා වගේ තමා :D
ReplyDeleteඅාන්න.. මට ලිස්ට් එකට සින්දු එකතු කරන්න අමතක වුණා..!!
Deleteහරි හමන් පොත් කියවීමක් පටන්ගත්තේ ඉස්කෝලෙන් අයින්වුනාට පස්සේ. ඒකත් මහා පුදුම කාලයක වුන වැඩක්. ඒ කියවීමත් දැන් දැන් අහවර කරමින් පවතිනවා. සරල වින්දනයන්ට හිත යොමු කරනවා. දැන් දැන් එච්චර දේවල් හිතට ගන්න උවමනාවක් නැහැ කියලා හිතෙනවා.
ReplyDeleteකාලයත් එක්ක එක එක දේවල් හිතෙනවා නෙව.. ඒක සාධාරණයි..!
Delete///ඒත් ලෝරා ඉන්ගල්ස්ගේ ජීවන වෘත්තාන්තය අළලා ලියැවුණු වන අරණක කුඩා නිවස පොත් මාලාවෙ පරිවර්තිකාවගේ වෙනත් කෘති යටතේ මේ පොතේ නම සඳහන් වුණ හැටිත් - ඒ අකුරු පේළිය දැකලා මේ පොත කියවන්න නොතිත් ආසාවකින් උන්නු හැටිත් ගැන අපැහැදිලි ඉපැරණි මතකයක් මගේ හදේ තියෙනවා.///
ReplyDeleteවැහි අක්කෙ ඔය පොත් පෙලම කියවන්න ආසයි. මුල පොත කියෙව්වා. ජය බෝලී නාත්
පළවෙනි එක වගේම තමා ඉතුරු ටිකත්.ලෝරාගෙ පොත් අට වගේම ඇගේ දියණිය රෝස් ලියූ පොතුත් හරිම ලස්සනයි.
Delete