Saturday, November 20, 2021

සිහිල් සංවාද දිය උල්!

අද සුමින්ද කිත්සිරි ගුණරත්න, ඔහුම කියාගන්නා විදියට නම් 'හිටපු කවියාගේ' කව් විවරණිකාවකට සම්බන්ධ වුණා. ඒත් ඔහුගේ මනරම් විවරණ මැද ගෙවී ගිය අඩ හෝරාවෙදි මොහොතකටවත් ඔහු 'හිටපු කිවියරෙක්' කියා නම් දැනුණෙ නෑ.


ඔහු වැඩසටහනට සම්බන්ධ වී උන්නු හැම කෙනෙක් තුළම පාහේ සැංගී තිබුණ කවිකම් මතු කොටගත්තා. ගලන සිහිල් දිය පාරවල් වන් මිනිස්සු ඒ වගෙයි. ඔවුන් යන යන තැන අලුත් උල්පත් මතු වෙනවා.


සකු පන්තිය නිමා වෙලා වැඩසටහනේ ඉතිරි වී තිබූ අඩ හෝරාවට සම්බන්ධ වී ඉන්න විට වැහි දැරියට ඈත අතීතයෙ ඔහු වන් සිහිල් දියපාරවල් බඳු මිනිස්සු ගැහැණු නිතර අපේ දිහා ඇවිත් ගිය සැන්දෑවරු සිහිපත් වුණා. අපි එදවස හුරු වී උන්නා මනරම්, සංසුන් සාහිත්‍ය සංවාදවල යෙදෙන්න. 


එවන් මිනිස්සු, එවන් සංවාද පිළිබඳ මතකයන් පවා මොහොතකට ජීවිතේ සුවපහසු කරනවා. තරඟයෙන් ඈත් වී ඉන්න උත්සාහ කරද්දීත් බලහත්කාරෙන් ධාවන පථයකට ඇදගන්න ටොක්සික් කාලෙකටත්, නීරස ලොක්ඩවුන් සමයකටත් පස්සේ වැහිදැරියට හුරු වී තිබුණ ඒ පුරුදු ජීවිතේ, ඒ සංවාද කොතෙක් නම් මඟ හැරිලාද කියා දැනෙනවා. 


ඇකඩමික්, වෘත්තීමය අරමුණු පස්සේ අනවරතයෙන් හති වැටී දුව යන ගමනකට වඩා ඒ කාරණාවන් නිස්කාංසුවෙ අත්පත් කරගන්නා අතරෙ කවියක, සංවාදෙක, සත් බසක ඇසුර ලබමින් යෙදෙන සංසුන් ගමනක් කොපමණ ලස්සනද.. ඒ මනරම් සංවාදයට මොහොතකට සම්බන්ධ වන්නට ලැබුණු සැනසිලිදායක සැහැල්ලුවෙන් පස්සෙ කලබල හෙට දවසට අඩිය තියන්න කලින් වැහි දැරියට එහෙම හිතෙනවා.

5 comments:

  1. ඔබගේ බ්ලොගය මේ වන විට අපගේ සිඩියට එක් කරගෙන ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩිය පිළිබඳ ඔබගේ ප්‍රචාරය අපට ඉමහත් ශක්තියකි!

    ReplyDelete
  2. කාලෙකින් ආව බ්ලොග් බලල යන්න. තාම බ්ලොග් වල ඉන්න එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. දිගු කාලෙකින් පසු හමු වීම සතුටක්,ඉයන් මාමා!

      Delete