Tuesday, December 31, 2013

08. කිරි කළ ඉතිර සුබ වේවා නව වසර!

නෙත අඳ කෙරුණු දිය ඇල් සැණෙකින් පිසැර
සවිමත් වෙමින් දිවි තුරු බඳ අත්              පසුර
ලෝ මහ වෙණෙහි යහ තත් කෙරෙමින්   සුසර
කිරි කළ ඉතිර සුබ වේවා නව                  වසර

ඔන්න එහෙනම් හැමෝගෙම හිත්වල පිරුණු දුක නැතිවෙලා ගිහින්, ඇස්වල රැඳුණු කඳුළු වියළිලා ගිහින්, අලුත් අවුරුද්දේ අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් වෙන සුන්දර ම සුන්දර අලුත් අවුරුද්දක් වේවා කියලා ඉතා ම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.... 

පල්ලෙහායින් කෑම මේසේ ලැහැස්ති කරලා ඇති.බෙදාගෙන කන්න ඕනෑ හරිද.... (පැණි වළල්ල මට ඉතුරු කරලා!!) 











තාම ප්ලේන්ටි හදනවා.. හදලා ඉවර වුණාම දෙන්නම්. එතකන් මෙව්වා කාලා වතුර බොන්න....!!!

31 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා වැහි නංගි! :)

    ReplyDelete
    Replies
    1. එසේ ම වේවා අලි අය්යණ්ඩි....)))))))))

      Delete
  2. යහපත් පැතුම් මල්ඵල ගැන්වෙන සුබම සුබ නව වසරක් වේවා නංගියෝ.. ^_^

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ඉන්ද්‍රචාප අය්යේ..

      Delete
  3. ළඟදි උපන්දිනේ පහු උනා කියල දන්නවා උනාට කවද්ද කියල හරියට දන් නෑනේ. පහු උනත් අපිට පාර්ට් ඕනේ :D

    ReplyDelete
    Replies
    1. ප්ලීස් ඩිලීට් යුවර් මෙමරි...))

      Delete
    2. :o එහෙම කොහොමද ? :/
      එක්කෝ උපන්දිනේ හරියට කියන්න ඕනේ,. නැත්නම් එදාට පාර්ටියක් දෙන්න ඕනේ, හ්ම්ම්ම්ම් -_-

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතින් මං රසට තේ හදන්න ඉගෙනගන්න කල් ඔහොම්මම ගල් ගැහිලා බලං ඉන්න වෙයි..)))

      Delete
  5. සුහ නව වසරක් නංගියේ.. ඉගෙනීම් වැඩ හැම එකක්ම් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. අය්යාටත් මදාරා අක්කාටත් සියලු පැතුම් ඉටු වෙන, නිදුක් නිරෝගි සම්පත් ලැබෙන වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..))

      Delete
  6. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
    Replies
    1. බොහෝම පින් සචි අය්යගේ ලස්සන පැතුමට.. එසේම වේවා කියා පතනවා!

      Delete
  7. ජෝගි නැති අවංක කවියක් කාලෙකින් බොල දැක්කේ..

    සුබම සුබ වේවා.. නිරෝගි වේවා..

    ReplyDelete
    Replies
    1. එහෙම කවිත් තියෙනවා ඒ කියන්නේ... අවංක නෙවේ නම් එව්වාට කවි කියන්න බෑනේ....)))))))))

      ..එසේම වේවා!

      Delete
  8. බන්ඩිය පිරුනා. ඔසුනවවේ!!

    ReplyDelete
  9. ඔයාටත් අධ්‍යාපන කටයුතුයි අනිත් හැම දෙයක්මයි සාර්ථක වෙන සුබ නව වසරක්ම වේවා!

    ReplyDelete
  10. සුහ නව වසරක් වේවා වර්ෂෝ ^_^ !!!! 

    ReplyDelete
    Replies
    1. එසේම වේවා දෙන්නාටම... සියලු යහපත් පැතුම් ඉටු වේවා!

      Delete
  11. නංගියාටත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!
    එක පැණි වළල්ලනෙ තියෙන්නෙ. ඒකත් ඔයාට තිබ්බම කෝ මට???

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නා බාගෙ බාගෙ කමු..!!

      ...හිත් තැවුල් දුරුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් මගේ අක්කියෝ!

      Delete
  12. යකෝ මාත් කන්නේ පැණිවළලු.....:D
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. හපෝයි චාම්ස් අක්කේ... මෙන්න තුනට බෙදන්න වෙනවා ඒ පාර!!!

      .....එසේ ම වේවා!!

      Delete
    2. හතරට බෙදන්න වෙන්න කලින් කාලා ඉවර කරමුනේ ;)

      Delete
  13. කිරිබත් දැං නං පිලුනු වෙලත් ඇති.. කවුමක්යි කොකිසකුයි ගත්තා :D

    සුභ නව වසරක් වර්ෂා !! :)

    ReplyDelete
    Replies
    1. අනේ යනවා යන්න.. අපි නොදන්නවයැ..ඔයාලට උගුරෙන් පල්ලෙහාට යනවා නම් ඕන මල ජරාවක් කතැහැකි!!!

      ..........එසේම වේවා සමි අය්යාටත්!!

      Delete
  14. සරත්මි
    පසුවැ ආමි
    නේමට වඩා ඒම හොඳ හෙයින්
    පසුවැ විත් සුබ පතන්නෙමි..

    ReplyDelete
    Replies
    1. සරත් මාමා නුදුරු දිනෙක සීගිරි ගිය බැව් දිසේ....!!!

      Delete