ජනේරුව කවුළුවෙන් ගෙට එබෙන
දොර පියන් විදා එන්නැයි කියන
තණපඳුරු මතින් පිය ඔසවමින
අලුත් සන්තෝසෙකට අත වනන
ගෙවුණු උඳුවප් සිසිල අතහැරෙන
උණුසුම්ම නවම් මහ මඟ හිඳින
තිත්ත පැණි එක් රසින් රස විඳින
හෙටක් හෙට පිපෙන්නට මග බලන
පවන් වැද හදග තුරුපත් සැලෙන
ලවන් පෙම් නුරා රසයෙන් තෙමෙන
කඳුළ ඇති තැනට සිනහව නැගෙන
හෙටක් වේවා පැතුම් පිරිසිඳෙන
වැහි වැටෙන තැනට යන - එන සියලු යහපත් හදැත්තන්ට, හැමදාමත් කියන්නා වාගේ ම ආත්ම අර්ථය සේ ම පරාර්ථයත් ඉටු කරන්නට සිත් වෙන මනෝරම්‍ය වසන්තයක් වේවා..
සුභ අලුත් අවුරුද්දක් වේවා :)
ReplyDeleteඔය අන්තිමට තියන එක මම මෙයාට අමතක වෙන්න දෙන්නෙම නෑ නේ :D :)
එසේම වේවා අලියෝ..
Deleteඒක මට අමතක වුණත් ඔයාට නම් අමතක වෙන්නෙ නෑ නේද..))
පද පෙළ ලස්සනයි...
ReplyDeleteඔබටත්, ඔබේ ආදරනියයන්ටත් නිදුක්, නිරෝගී, සුබ අලුත් අවුරුද්දක් වේවා..
එසේම වේවා අක්කේ..
Deleteපොකුරු වැස්ස වැහි වැටෙන තැනට වැටෙන එක කොයි තරම් මනරම් ද..!!
2017 ප්‍රීතිමත් වසරක් වේවා !!! වැසි දියණි....
ReplyDeleteකවිය ලස්සනයි...
තරු දියණීටත් එසේම වේවා..!!
Deleteඅවුරුද්දේ ආරම්භයට අපූරු පැදි පෙලක්...
ReplyDeleteස්තූතියි තුශානි අක්කේ..))
Deleteපතමි ඔබටත් සියලු අධ්‍යන කටයුතු සාර්ථක වෙන සුභ නව වසරක්....
ReplyDeleteපූසාටත් සුබ ම සුබ නව වසරක් වේවා..!!
Deleteවෙනද වගේමයි පද පෙළ ලස්සනම ලස්සනයි...
ReplyDeleteස්තුතියි අක්කේ..!!
Deleteඔබටත් එසේමයි වැසි!
ReplyDeleteස්තූතියි අය්යේ..
Deleteමනෝරම්‍ය වසන්තයක්+++++++++++
ReplyDeleteඔබටත් එසේම වේවා!!!!
ස්තූතියි සෝයුරේ..!!
Deleteහරිම ලස්සන පැදි පෙලක්. ඔයාටත් පවුලේ සැමටත් ආදරය සතුට වාසනාව නීරෝගී සුවය මුළු වසර පුරාම රැඳෙන ආදරණීය වසරක් වේවා. මම කටකාරි.
ReplyDeleteඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෝ..
Deleteඅපි ඉතින් දන්නවා කවුද කියලා..))
පතන පැතුම් ඉටු වෙවා!
ReplyDeleteදුක් දොම්නස් නොම වේවා!
සිතේ සතුට බෝ වේවා!
නව අවුරුදු ජය වේවා!
පතන පැතුම් ඉටු වේවා!
ReplyDeleteදුක් කරදර නොම වේවා!
සිතේ සතුට බෝ වේවා!
නව අවුරදු ජය වේවා!
බොහොම පින්.. කප්පිත්තාටත් එසේම වේවා..!
Deleteතිසරණ සරණ වේවා
ReplyDeleteදෙව් රැකවරණ වේවා
ලෙඩදුක් නොවේවා
ලැබූ නවසර ජයම වේවා
මල් මල්ලිටත් එසේම වේවා..!
Deleteහප්පා සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ. කවි ටික ලස්සනයි..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!
ජයින් ජයිම වීවා!!
බොහොම ස්තූතියි අඟහරුවා..
Deleteමට නම් මතක කලින් පෝස්ට් එකේදිත් දැක්කා වගෙයි..))
සුබම සුබ නව වසරක් වේවා ඔබට ..!!
ReplyDeleteඑසේම වේවා බුද්ධි..))
Deleteඅපොයි මේක දැන්නෙ දැක්කෙ මම....
ReplyDeleteකාරියක් නෑ.."Never better than late" කියල දොන් ජෙරනිමෝද අසෙවේදුත් කියල තියන එකේ ඔන්න එහෙනං "Happy new year to you The Rain Girl" ...:)
උන්දැද එහෙම කියල තියෙන්නෙ..))
Deleteසුබ ම සුබ නව වසරක් වේවා රවී මාමාටත්..)))