Sunday, January 1, 2017

දුරුතු හීතල යට හිඳ...

ජනේරුව කවුළුවෙන් ගෙට එබෙන
දොර පියන් විදා එන්නැයි කියන
තණපඳුරු මතින් පිය ඔසවමින
අලුත් සන්තෝසෙකට අත වනන

ගෙවුණු උඳුවප් සිසිල අතහැරෙන
උණුසුම්ම නවම් මහ මඟ හිඳින
තිත්ත පැණි එක් රසින් රස විඳින
හෙටක් හෙට පිපෙන්නට මග බලන

පවන් වැද හදග තුරුපත් සැලෙන
ලවන් පෙම් නුරා රසයෙන් තෙමෙන
කඳුළ ඇති තැනට සිනහව නැගෙන
හෙටක් වේවා පැතුම් පිරිසිඳෙන

වැහි වැටෙන තැනට යන - එන සියලු යහපත් හදැත්තන්ට, හැමදාමත් කියන්නා වාගේ ම ආත්ම අර්ථය සේ ම පරාර්ථයත් ඉටු කරන්නට සිත් වෙන මනෝරම්‍ය වසන්තයක් වේවා.. 

29 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා :)

    ඔය අන්තිමට තියන එක මම මෙයාට අමතක වෙන්න දෙන්නෙම නෑ නේ :D :)

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අලියෝ..

      ඒක මට අමතක වුණත් ඔයාට නම් අමතක වෙන්නෙ නෑ නේද..))

      Delete
  2. පද පෙළ ලස්සනයි...

    ඔබටත්, ඔබේ ආදරනියයන්ටත් නිදුක්, නිරෝගී, සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අක්කේ..

      පොකුරු වැස්ස වැහි වැටෙන තැනට වැටෙන එක කොයි තරම් මනරම් ද..!!

      Delete
  3. 2017 ප්‍රීතිමත් වසරක් වේවා !!! වැසි දියණි....

    කවිය ලස්සනයි...

    ReplyDelete
  4. අවුරුද්දේ ආරම්භයට අපූරු පැදි පෙලක්...

    ReplyDelete
  5. පතමි ඔබටත් සියලු අධ්‍යන කටයුතු සාර්ථක වෙන සුභ නව වසරක්....

    ReplyDelete
    Replies
    1. පූසාටත් සුබ ම සුබ නව වසරක් වේවා..!!

      Delete
  6. වෙනද වගේමයි පද පෙළ ලස්සනම ලස්සනයි...

    ReplyDelete
  7. මනෝරම්‍ය වසන්තයක්+++++++++++

    ඔබටත් එසේම වේවා!!!!

    ReplyDelete
  8. හරිම ලස්සන පැදි පෙලක්. ඔයාටත් පවුලේ සැමටත් ආදරය සතුට වාසනාව නීරෝගී සුවය මුළු වසර පුරාම රැඳෙන ආදරණීය වසරක් වේවා. මම කටකාරි.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෝ..

      අපි ඉතින් දන්නවා කවුද කියලා..))

      Delete
  9. පතන පැතුම් ඉටු වෙවා!
    දුක් දොම්නස් නොම වේවා!
    සිතේ සතුට බෝ වේවා!
    නව අවුරුදු ජය වේවා!

    ReplyDelete
  10. පතන පැතුම් ඉටු වේවා!
    දුක් කරදර නොම වේවා!
    සිතේ සතුට බෝ වේවා!
    නව අවුරදු ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම පින්.. කප්පිත්තාටත් එසේම වේවා..!

      Delete
  11. තිසරණ සරණ වේවා
    දෙව් රැකවරණ වේවා
    ලෙඩදුක් නොවේවා
    ලැබූ නවසර ජයම වේවා

    ReplyDelete
  12. හප්පා සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ. කවි ටික ලස්සනයි..
    සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!
    ජයින් ජයිම වීවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අඟහරුවා..

      මට නම් මතක කලින් පෝස්ට් එකේදිත් දැක්කා වගෙයි..))

      Delete
  13. සුබම සුබ නව වසරක් වේවා ඔබට ..!!

    ReplyDelete
  14. අපොයි මේක දැන්නෙ දැක්කෙ මම....

    කාරියක් නෑ.."Never better than late" කියල දොන් ජෙරනිමෝද අසෙවේදුත් කියල තියන එකේ ඔන්න එහෙනං "Happy new year to you The Rain Girl" ...:)

    ReplyDelete
    Replies
    1. උන්දැද එහෙම කියල තියෙන්නෙ..))

      සුබ ම සුබ නව වසරක් වේවා රවී මාමාටත්..)))

      Delete