Thursday, February 10, 2022

සූම් සියොතුනි!

උදෑසන ඇහැරෙත්ම මතක් වේ නුඹ සැවොම
සූම් තිර ළඟට වී බලා ඉන්නා අරුම
එවන කෙටි පණිවිඩෙක තිබෙන ආදරෙ තරම
දකින විට  පිරී යයි හද බඳුන එක වරම


ඉංග්‍රීසිවලට දැන් ආදරේ බව කියන
දුකක් එන තැනකදී කතා කර දුක කියන
පාඩමත් ජීවිතෙත් කියවන්න වෙර දරන
සියොතුනේ ඔබ අසළ ජීවිතේ මට දැනෙන


නුදුරකදි සරසවියෙ දොරින් පිටතට ආව
මාත් පොඩි විහගෙක්මි තටු වැඩී නැත තාම
මුත් ඔබේ ඇස්වලින් පෙනෙද්දී මට මාව
මම මාව සොයාගමි දරුවනේ ඔබ ගාව

2 comments:

  1. ලස්සන යි.. හෘදයාංගම යි.. ආදරණීය යි.. ❤️❤️❤️

    ReplyDelete