Thursday, June 16, 2022

සීතලට වැහි වැටෙන!

අහම්බයකින් පවා කොල්ලෙකුට ඇස යොමන
සිරිත් නොතිබුණු හිතක් එක්රැයක බිම වැටිණ
අහිංසක ඇස්වලින් මහද ගේ ගිනි තියන
කුරුල්ලෙක් වි‍ය හදේ කෝණිකාවක මෙතැන

අතීතෙක ඔබේ හඬ අසා හුරු බව දැනුණ
අහම්බෙක නැවුම් සීතකින් හදවත පෙඟිණ
අනවරත රස නුසුන් මුදු වදන් පැන නගින
රළු කොපුල් තල මතින් හුරු සිනාවක් පෙණිණ  

වසර ගණනක මතක හෙමින් අත්තටු ගසන
තනිව පියඹනු නොහී තුරුණු පියපත් රිදෙන
දුරතීත සිපුමකින් නැවුම් මිහිරක් දැනෙන
තාම මගෙ හිත මතින් සීතලට වැහි වැටෙන

ඒ වැස්ස මැද තැනක ඔබේ ඇසිපිය අතර
තෙමෙමි, සීතල දැනෙත් රැඳෙමි පුළුලුර'පතර
නිවන්නට මෙන් සෙනේ ගඟ වියළි රුදු කතර
මහද සේදෙන තුරුම ගලායේ වැහි වතුර

2 comments:

  1. මගේ හිතත් අතීතයේ තැනකට ගිහින් නැවතුනා කියවගෙන යද්දී!

    ReplyDelete
  2. මගේ ආදරේ ඔබට හිමිවෙනවා සදාකාලිකවම චූටි මැණික

    ReplyDelete