තුරු වියනක් වැ හිස මත්තේ පැතිරෙන්න
සඳ බුබුළක් වැ නුබ දිය පිට මතුවෙන්න
ගී සරයක් වැ සවනස හිඳ මිමිණෙන්න
කවි කැකුළක් වැ මන කොඳ විල පිබිදෙන්න
වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
වෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න
කුසුමක් සේ මැ ඇස් අස්සේ සුපිපෙන්න
සුසුමක් සේ මැ මුව අද්දර දැවටෙන්න
පැතුමක් සේ මැ නෙත් පත්ළේ සැතපෙන්න
පහනක් සේ මැ හිත් මලුවේ ඇවිලෙන්න.
පහණ නොමැති කල එලියක් කොහොන් එතී
ReplyDeleteවැස්ස නොමැති කල සරුවට මුකුත් නැතී
සුසුමක් නොමැති කල සිරුරක් පමන ඇතී
නුඹව නොලැබුනොත් මා නම් එසේ වෙතී
ඉස්සල්ලම ආවට...බුල්ටො එකක් මදි පැකට් එකකම ඕනෙ..
පිළිතුරු කවියකුත් ලියල... තැන්කූ..)))
Deleteඉස්සෙල්ලම ආවටත් තැන්කූ..))
ඒත් බුල්ටො දැන් කඩවල්වල තියෙනවද අප්පා? අපේ තාත්තා ඉස්සර එයාල බුල්ටො කාපු හැටි කියද්දි තරහත් යනව මට.ආසාවට දකින්න කඩේක නැහැ දැන්..
:D
DeleteCorrect post?
ReplyDeleteදැං කාටද මේ කියන්නෙ? :)
පොඩි අවුලක් වෙලා එකම පෝස්ට් එක තුන් පාරක් පබ්ලිශ් වුණා.බ්ලොග් රෝල් එකේ පෝස්ට්ස් තුනම පෙන්නනෝ.ඒත් දෙකක් කියවන්න බෑ.මේක විතරයි කියවන්න පුළුවන්.. ඔහෙලටයි දැම්මෙ මේක හරි පෝස්ට් එක කියාලා.. නිදිමතේ මහ රෑ දෙකට විතර නොවැ පබ්ලිශ් කළේ ඉල්ලීමක් ඉස්ට කොරන්න..
Deleteමා කාටද මේක කියන්නේ...
මා කාටද මේක කියන්නේ...
https://www.youtube.com/watch?v=tvqtwuH9U9U
ලස්සන පබැඳුමක්
ReplyDeleteස්තූතියි මනෝ..!!
Deleteලස්සන කවි ටික.
ReplyDeleteස්තූතියි දිනේෂ් අය්යේ...)))
Deleteලස්සන කවිය. ඔන්න හරි පෝස්ට් එක කියෙව්වා.
ReplyDeleteස්තූති වේවා ගගනගාමිතුමනි..))
Deleteඉතිං,
ReplyDeleteපහනක්ව
දැල්වෙන්නට
නුඹට ඇහැකිය...
ඉනික්බිති නුඹ
නික්ම ගිය සඳ
එපහන් සිළුවට පැන
ඇවිලෙන්නට
මට පුළුවනි...
මෙරුවෙක් ගැන ද මන්දා..))
Deleteස්තූති රයිටර්.. ඔබ මෙහි දකින්න ලැබීම සතුටක්..!!
//තුරු වියනක් වැ හිස මත්තේ පැතිරෙන්න
ReplyDeleteසඳ බුබුළක් වැ නුබ දිය පිට මතුවෙන්න
ගී සරයක් වැ සවනස හිඳ මිමිණෙන්න
කවි කැකුළක් වැ මන කොඳ විල පිබිදෙන්න//
වෑ ! වෑ ! මට වෑ... වෑ කිවොටොත් වෑම තමයි
පොඩ්ඩක් හෙළ හවුලට බරයි වගේ නේද මේ කවිය.. එහෙම ලිව්වොත් වෙනසක් වෙයි කියා හිතුණා.ඒ නිසයා මෙහෙම ලියැවුණේ..!!
Deleteලස්සන කවි ටිකක්.....
ReplyDeleteස්තූතියි අක්කණ්ඩි..))
Deleteහරිම ලස්සනයි වැසී :)
ReplyDeleteස්තූතියි අක්කණ්ඩි..))
Deleteඅපූරු පද පේලි ටිකක්...
ReplyDeleteස්තූතියි තුෂානි අක්කේ..))
DeleteThe correct post? For what?
ReplyDeleteBecause the same post was published thrice I named this as the correct post..!!
Deleteමද පවන වී එන්න
ReplyDeleteආදරෙන් දැවටෙන්න
මොහොතක් ළඟ ඉන්න
නොකියාම නොම යන්න
සඳක් සේ නැග එන්න
රෑ අහස සරසන්න
සද කිරණ අහුරන්න
වලා කැටි නොම එන්න
සිතක් ඇත ඔන්න
මග බලාගෙන ඉන්න
ආදරේ මුමුනන්න
මගේ ලොවට ඔබ එන්න
ජය වැසි :D අපුරු කවි පද ටික
ස්තූතියි අපූරු පිළිතුරු කවියටත්..))
Deleteවියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
ReplyDeleteවෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න
හදවත පත්ලටම දැනුණා . ලස්සන නිර්මාණයක් !
වියලුණු බිමට පොද වැස්ස වැ වැගිරෙන්න
ReplyDeleteවෙහෙසෙන සිරුර මඳ සුළඟ වැ තැවරෙන්න
ගණඳුරු බිමට හිරු කිරණ වැ පැමිණෙන්න
පිනි සිසිලක් වැ මල් පෙති මැද ඇහැරෙන්න
හදවත පත්ලටම දැනුණා . ලස්සන නිර්මාණයක් !
ස්තූතියි මෙතුවෝ...))
Deleteඅන්තිම කවියට නම් හරිම මනාපයි...හරි ලස්සනයි වැසි .. මේ වැසි එක්ක බෑ :/ සොබාදහම ගැන ,ගම ගැන, වැස්ස ගැන එක එක ඒව දාල මාව අවුස්සනව :( ..මට ඒ වෙලාවට අපේ ගම ගැනමයි ලියන්න හිතෙන්නෙ..
ReplyDeleteස්තූතියි හංසි අක්කෙ... වැසි වැසි කියන්නැතුව වර්ෂා කියලා කියන්නකො අප්පා.. නිකං වැස්සි වගේ එහෙම කිව්වම..)))
Deleteඉතින් හිත හිතා ඉන්නැතුව ලියලා දැම්මම ඉවරයි නෙව..)))