නෙත අඳ කෙරුණු දිය ඇල් සැණෙකින් පිසැර
සවිමත් වෙමින් දිවි තුරු බඳ අත් පසුර
ලෝ මහ වෙණෙහි යහ තත් කෙරෙමින් සුසර
කිරි කළ ඉතිර සුබ වේවා නව වසර
ඔන්න එහෙනම් හැමෝගෙම හිත්වල පිරුණු දුක නැතිවෙලා ගිහින්, ඇස්වල රැඳුණු කඳුළු වියළිලා ගිහින්, අලුත් අවුරුද්දේ අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් වෙන සුන්දර ම සුන්දර අලුත් අවුරුද්දක් වේවා කියලා ඉතා ම ආදරයෙන් ප්රාර්ථනා කරනවා....
පල්ලෙහායින් කෑම මේසේ ලැහැස්ති කරලා ඇති.බෙදාගෙන කන්න ඕනෑ හරිද.... (පැණි වළල්ල මට ඉතුරු කරලා!!)
තාම ප්ලේන්ටි හදනවා.. හදලා ඉවර වුණාම දෙන්නම්. එතකන් මෙව්වා කාලා වතුර බොන්න....!!!
Tuesday, December 31, 2013
Sunday, May 26, 2013
07. නික්මෙන්න පෙර සෙනෙහෙන් ලියන්නෙම්!
ජීවිතය අපිට වුවමනා දේවල්ම හැම විටම දෙන්නේ නැත.මගේ තාත්තා කියන අන්දමින් ජීවිතයේ සමහර හිමිවීම් යනු අහිමිවීම් වෙන්නට පුලුවන.අහිමිවීම් යනු හිමිවීම් වෙන්නට පුළුවන.යම් දෙයක් හිමි වෙනවා යනු ජීවිතයේ තවත් දේවල්වල අහිමිවීමක් වෙන්නට පුලුවන.සමහර දේ අහිමි වීම ඒ දෙයට වඩා ඉතා සුන්දර දෙයක් හිමි වන්නට ඉඩ සැලසීමක් වෙන්නට පුලුවන.ප්රේම සම්බන්ධතා බිද ගෙන ජීවිතය ගැන කලකිරුණු සිය සිසු සිසුවියන්ට ඔහු එසේ කියනවා මම අසා ඇත්තෙමි.
දැන් ඉතින් මගේ ජීවිතයටත් හිමි අහිමි ලෙස වෙන් කළ නොහෙන තැනක් උදා වී තියේ.උසස් පෙළ හදාරන්නට මගේ ඉස්කෝලයෙන් සමු අරන් යා යුතුය.මට ජීවිතයේ බොහෝ තැන් කියා දුන්නේ ඒ පාසලයි.ජීවිතය යනු මේ යැයි, මිත්රත්වය යනු මේ යැයි, ආදරය යනු මේ යැයි, ගුරු ජීවිතය යනු මේ යැයි නිදර්ශනත් සමගම මට කියා දුන්නේ මගේ සොදුරු තක්සලාවය.ඒ හෙවණේ වැඩුණු කාලය තුළ මම අනන්ත වතාවක් හිනාවෙන්නට ඇත.ඊටත් වඩා අඩා වැටෙන්නට ඇත.හිත් සැනසීම් මෙන්ම හිත් රිදවීම් අනන්ත වාරයක් සිදු විය.ඒත් කදුලු අස්සෙන් හිනා වෙද්දී ළමයින් බොහෝ ලස්සන බව අප ඉගෙනගත්තේ ඒ තක්සලාවේ ඉගෙනගත් කාලයේදීය...
පසු ගිය දවස්වල අපේ ඉස්කෝලේ උසස්පෙළ පන්ති පටන් ගැනුනි.එක බත්පත බෙදාගෙන කෑ,එක පිට්ටනියේ සෙල්ලම් කළ,එකට හොර වැඩ කළ අපේ අනිත් අය පෙරදා වාගේම සුදු ඇදගෙන පෙර පුරුදු ටයි පටියම පැළදගෙන, පෙර පුරුදු ගේට්ටුවෙන්ම ඇතුළු වී පාසල් යති.හොද ප්රතිඵල ගත් අපට ඒ වාසනාව නැත.එය අපේ ජීවිතවල අහිමි වීමක් සේ දැනේ...
ඒත් අනික් පැත්තට අලුතින් ජීවිතය පටන් ගැනීමත් වාසනාවකි.වෙනත් පාසලකට යන්නට වරම් නොලද්දෝ අප ගැන සිතන්නේ එසේය.එහෙත් නුඹලාට තව අවුරුදු දෙකක් හෙවණ විදින්නට ලැබෙන ඔය දයාබර පොළොවට අපි කොයි තරම් නම් පෙම් බදිනවාද... ඔය සියඹලා ගස් හෙවණේ ආයෙත් දවසක් වාඩි වී හිස් වචන කතා කරන්නට අපි කොයි තරම් ආසා කරනවාද කියා නුඹලා දන්නේ නැත.

වැහි වර්ගය
ඉස්කෝලෙ කාලෙ වැහි බිංදු,
මතක වැහි බිංදු
Saturday, March 16, 2013
06. ම'කිවිදි!
නිල් තාරුකා පෝළිම් සැදී
දුර අහස මත නෑගම් යතී
කිසිදාක නොබිණූ නුඹ අදත්
මා අසළ නොමවයි සුර ලොවක්
පෙන්නුවා නම් නුඹ මට යමක්
අද මතු නොවෙයි එදවස වුණත්
ඒ පෙන්නුවේ ඇත්තම මිසක්
නොව සිහින දුහුවිලි රැදි තැනක්
පෙන්නා දුකින් වැළපෙන දනන්
ජීවිත ඉරුණු සන්නාලියන්
නව ඇසක් දී මා ඉපදවූ
මගෙ කිවිදියේ මෙවදන් අසන්
කවියක්ය නුඹ හැම දෙන කියත්
කිසි දිනක නොහගිමි ඒ බවක්
මේ සසර මග නිම වන තුරුත්
හැමදාම නුඹ නම් මට මවක්
වැහි වර්ගය
කවි වැහි බිංදු,
මිනිස් වැහි බිංදු
Thursday, March 7, 2013
05. එපා වෙන සිහින කතන්දර..
සිහින දැකීම යනු සාමාන්ය දෙයකි.ඒත් පොඩි අවදියේ මම සිහින දැකීම ගැන හිතා උන්නේ ඒ දවස්වල මගේ ප්රියතම කතුවරයා වූ රෝල්ඩ් ඩාල්ගේ ක්රමයටය.ඔහු සිය The BFG නම් කෘතියේ සදහන් කරන්නේ (මෙය මමියෝ-මහ මිතුරු යෝධයා නමින් උපාලි උබයසේකර වෙතින් සිංහලයට නැගී තිබේ.) බිග් ෆ්රෙන්ඩ්ලි ජයන්ට් නොහොත් මහ මිතුරු යෝධයා ලොකු මල්ලක සිහින පුරවා ගෙන විත් ඒවා නිදා සිටිනා අය වෙත විසල් බටයකින් පිඹිනා බවය.ඔහු ළග හොද මෙන්ම නරක සිහිනද තිබේ.හොද අයට හොද සිහිනත්,නරක අයට නරක සිහිනත් පිඹීම ඔහුගේ රාජකාරියයි.කතන්දරය අවසන් වන විට මේ සිහින පිඹීමේ හැකියාවෙන් ඔවුහු එංගලන්තය කනපිට හරවති....
..මට කියන්නට වුවමනා කළේ එය නොවේ.සිහිනයෙන් පෙනෙනා කතන්දර ගැනය.සමහර දිනකදී මට සම්පූර්ණයෙන් කතන්දර දෙක තුන පෙනේ.එහෙත් උදේ නැගිට බලද්දී සිහිනයේ තැනින් තැන මිස කතන්දරය මතක නැත.තව දවසකදී සිහින කතන්දරයේ පොඩිත්තක්වත් මතක නැත....
..මෙතෙක් මා එලෙස දැක ඇති සිහින ටික ගණන් කළා නම් නවකතා විසිතිස් ගණනක් ලියන්නට තිබුණි.මට ජීවිතය ලබා දී ඇති දේවලට දොස් පවරනවා නොවේ.එහෙත් අඩුම තරමේ ඒ කතන්දරවල ශේෂයන්වත් මතක තබා ගැනීමේ හැකියාව මට ලබා දුන්නා නම් මම බෝ සෙයින් සතුටු වෙමි.
ඒ දවස්වල මගේ ප්රියතම ලේඛකයා වූ ඩාල් මෙන්ම මේ දවස්වල මගේ ප්රියතම ලේඛකයා වන භද්රජී මහින්ද ජයතිලකද මේ හීන කතන්දරයට සම්බන්ධය.ඒ ඔහු සිහින ගැන ලියා ඇති හින්දාම නොවේ.ඔහුටත් සිහිනයෙන් කතන්දර පෙනෙන හින්දාය.තමා ලියන කතන්දරවල අනුභූතින් තමන්ට සිහිනයෙන් පෙනෙන බව දිනක් ඔහු පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණි....ඒ හැරුණාම මගේ පවුලේ තව කීප දෙනෙකුටම සිහිනයෙන් කතන්දර දැකීමේ වාසනාව මෙන්ම ඒ සිහින මතක තබාගැනීමේ හැකියාවද තිබේ.මගේ අවාසනාවට පළමුවෙනි වාසනාව මට ඇතත් දෙවෙනි වාසනාව නැත.ඉතින් එහෙයින් පළමු වාසනාවෙන්ද පලක් නැති වී තිබේ... කොහොම වුණත් ජීවිතය අපට හැම දෙයක්ම එක වර ලබා දෙන්නේ නැත.එහෙයින් පළමු වාසනාව හෝ ලබා දීම වෙනුවෙන් ජීවිතයට ස්තූතිවන්ත වෙමි...

පොත් වැහි බිංදු,
සිතුවිලි වැහි බිංදු
Monday, December 31, 2012
03. දුරුත්තට අවසර..
දුරුත්තේ මුල්ම දවසට තව ඇත්තේ බොහොම පොඩි වෙලාවකි.නින්දේදී දුරුත්ත උදා වනු ඇත.නින්දට පෙර දුරුත්තට හාදුවක් දී සෙනෙහසින් පිළිගන්නට මට අවැසි වී තියේ.මේ අකුරු ලියැවෙන්නේ ඒ සොදුරු සිතිවිල්ල පෙරටු කොටගෙනය....
...මේ ජීවිතයේ මුල්ම දුරුත්ත අත් විදින විට මට යාන්තම් දෙමාසයකි.ඉතින් මට එකල ගැන මතකයක් තියෙන්නට නොහැකිය.එතෙකුදු මේ දහසය වැනි දුරුත්ත මට අත් විදින්නට පුළුවන.මන්ද මට දැන් සීතලක් විදගත හැකි අන්දමේ තරමක් වැඩුණු හදවතක් තිබේ.එහෙයින් දුරුත්ත සෞන්දර්යයක් කොට සලකමි.
සෑම නිමේෂයක්ම වර්ණවත් නැති මුත් ඒවායේ පාට තැවරිය හැකි බව මම ඉගෙනගත්තේ පහු වී ගිය දුරුතු මාසයන්වලදී ය.
..............................
..ඉතින් මේ දුරුත්තට ඇවිදින්නේ ඒ අවබෝධය සමග උපන් දැරිවියකි.....
පසු සටහන
කැලැන්ඩරයක් වෙනස් වීමට අලුත් අවුරුද්දක් කිව නොහැකි වුවත් ඒ කැලැන්ඩර් වෙනසත් සමග මිනිසුන්ගේ ජීවිත මත මතු වෙන වෙනස්කම්වලට මම ප්රිය කරමි.
අවුරුද්ද අලුත් යැයි සිතා මිනිස්සු ජීවිත අලුත් කර ගනිති.ඒ අලුත් බව ජීවිතයට බොහෝ දේ එක් කරයි.නමුත් බොහෝ දෙනා එසේ එක් කරගන්නේ තමන්ට පමණක් වටින දේවල්ය.තමන්ගේ ජීවිතය හරිහැටි සකසා ගැනීම වරදක් බව නොකියමි.ඒත් ඒ ආත්ම අර්ථය සමග පර අර්ථය යන්තමින් හෝ තැවරී තිබිය යුතුය.
දුක් විදින්නන් ගැන නොසිතා සිය සුඛ විහරණය පමණක් පතන්නවුන්ට දුරුත්තේත්,නව අවුරුද්දේත් සැබෑ සන්තුෂ්ටිය ලද හැකි යැයි සිතන්නට නොහැකිය.
ආත්ම අර්ථයත්-පර අර්ථයත් දෙකම සලසාගැනීමේ අභිලාෂයෙන් යුත් දයාබර සිත් ඇත්තන්ට සුබ නව වසරක් ම වේවායි උදුවප් මහේ අවසන් දිනය අග හිද සෙනෙහස් සිතින් ප්රාර්ථනා කරන්නෙමි....

සැමරුම් වැහි බිංදු
Tuesday, December 25, 2012
02. වැහි මතකය
මා අඩවන්නට සමත් වූ ගීත ඇත්තේ ඉතා ස්වල්පයකි.එක්කෝ සමහර හෘදයංගම ගීත සම්බන්ධයෙන් මා අසංවේදීය.නැත්නම් ඒවායේ සංවේදී බව ක්රියා කරන්නේ මගේ සංවේදී බවෙන් එහා විෂය පථයකය.ඒත් එහෙම නැති ගීත කීපයක් තියේ.
ඒ ගීතවලින් එකකි මා වඩාත් ආසාම කරන ගීතය.එය ගයන්නේ රෝහණ වීරසිංහය.මට තේරෙනා හැටියට ඔහු විශිෂ්ට සංගීතවේදියෙකු මිස ඒ තරම් හොද මට්ටමේ ගායකයෙක් නොවේ.මන්දා ඒ මගේ අදහසයි.සමහර විට අස්වැන්නේ හිමිකරු දයානන්ද රත්නායකයන් ඒ ගැන මීට වඩා වෙනස් අදහසක් දරනවා වෙන්නට පුළුවන් බව දනිමි.
කොහොම නමුත් මේ ගීතයේ අමුත්තක් තියේ.වැසි සහිත ශීත රාත්රීන්වලදී අහන මොහොතක ඒ අමුත්ත තවත් වැඩිය.ඇත්තටම මේ ගීය අසද්දී මට මොනවාදෝ සිහිපත් වේ.සිතින් මකා හරින්නට බැරි දෙයක් වන් යමක්!ඒ කුමක්දැයි නොදැනම මෙය අසන වාරයක් පාසා මම පීඩාවට පත් වෙමි.
මුලින්ම මේ ගීතය ඇහුණේ කොතැනදීද,කොහේදීද මට මතක නැත.සමහර විට මා වඩාත් තදබල ලෙස මෙගීය වෙතට ඇදී ගියේ මෑතකදී වීම ඊට හේතුව වන්නට ඇත.මේ මෑතකදී.. එනම් මේ අවුරුද්දේම මුල හරියේදී අකුණක් ගැසුවා වැනි හැගීමකින් මට මෙහි වචන සහ සංගීතය ගැන යම් දෙයක් දැනී ගියේය.එතැන් පටන් පෙර කියූ පරිද්දෙන් මම මෙය අසන්නට නොව මෙහි වචන හරහා මසිත තුළ ඇති වන හැගීම් ගැන සිතන්නට පටන් ගත්තෙමි.
මා වඩාත්ම ආදරය කරන ගීතය මේ ගීතය වන්නේ අන්න ඒ හින්දාය.
මටවත් නොතේරෙන,කාටවත් තේරුම් කරන්නටත් අපහසු,කුමක් හෝ පෞද්ගලික හේතුවක් හින්දාය.ඒ හැගීමට නමක් දෙන්නට මම නොදනිමි.එය කුමක් වේවා,මම ඊයේ මෙන්ම අදත්,මේ කැළඹිලි සහගත යෞවනය තුළ සමහර විට හෙටත් මේ ගීතයට බොහෝ සෙයින් ආදරය කරන්නෙමි...
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ..
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා-රිය කවුලු දොරින්
යටගිය දවසේ..
දෑස ගියා ඉගිලී..
අදුරු ලලා සෙංකඩගල වැස්සේ..
දිය දහරා පාටයි දේදුන්නේ....
තෙමී... තෙමී...
ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ...
රිය ඇතුලේ උණුසුම ඔබට දිදී..
නහවයි මා රියසක මඩ වතුරේ....
නෑ හිත රිදුණේ,
අදත් එදා සිහි වී..
අපේ සබදකම් නෑ රියසක දන්නේ..
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ..
උඩ ඉගිලෙන විට වැහි ලේනී
එබී බලා-රිය කවුලු දොරින්
යටගිය දවසේ..
දෑස ගියා ඉගිලී..

http://sinhala-lyrics.com/lyric/928/rohana-weerasinghe-muthu-kuda-ihalana-mal-warusawe.html

මතක වැහි බිංදු,
සිංදු වැහි බිංදු
Thursday, December 20, 2012
01. අලුත් වැස්සක් වහින්නට සැරසේ..
"අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්..
නියං කල හැමදා නැතත්
කවදාද ඒ වැහි ගෙවෙන්නේ නොදනිම්..
දුකක් වින්දොත් සැපක් ළගමයි...
දිය දහම ඒ විලසයි!"
අලුත් වැස්සක් වස්වන්ට සැරසෙමි.මේ වැස්ස කලින් වැටුණු ඒවාට වඩා පැහැදිලිවම වෙනස් බව මටත් දැනී තියේ.ඒත් යළිත් ලියන මා හදුනාගන්නට ඔබ සමත් වනු ඇතැයි ද,බොරලු පාරක් මත ඇතිරෙන බොරලු කැටයක් දෙකක් කියවාගන්නට ඉදහිට මෙහි එනු ඇතැයි ද විස්වාස කරමි.
අලුත් යමකින් මුණ ගැසෙන තුරු මුල්ම බ්ලොගයේ සිට මේ දක්වාම සොදුරු සෙනෙහසකින් මා හා රැදී උන් බ්ලොග් අවකාශයේ සියලු හදවත් අපමණ සෙනෙහසින් සිහියට නගමි.
හිත නිදහස් වන්නේ අදද හෙටද ඒ මොහොතේ පටන් ලිවීම අරඹමි.
එතෙක් සියලු සොදුරු සිත් ඇත්තවුනට යහපතම වේවා!
වැහි වර්ගය
සිතුවිලි වැහි බිංදු
Subscribe to:
Posts (Atom)