Tuesday, November 19, 2024

119. මධුවන්තී, වැහි කියැවිලි සහ ගී මධූ!

මධුවන්ති ගී දැහැනෙ මේ සතියෙ ගී තෝරන්න එන්න කියලා ආරාධනාවක් ලැබුණා පහුගිය සතියෙ දවසක. 

ඒත් ගුවන්විදුලි මැදිරියට යන තුරුම, මේ අතීතයේ සේකර-අමරදේව සුසංයෝගයෙන් කෙරුණු මධුවන්තියෙම යළි පණගැන්වීම බව දැනගෙන හිටියෙ නෑ.

වැඩසටහන් නිෂ්පාදිකාව වූ පවිත්‍රා නානායක්කාර සහෝදරිය හෝරාවක් පුරා පැණසර පැන නගමින් සුවිශිෂ්ට සන්නිවේදිකාවකගෙ භූමිකාව ඉටු කළා.

වෙසෙසින්ම මේ ගැන වියුණු අඩවියෙ ලියන්න හිතුවෙ වියුණු හරහා මුණගැහුණු ඉයන් ලිංතොට බ්ලොග් සහෘදයාගෙ ගීතයක් වන 'දැන් ළඳුන් සිංහාසනේ' ගැනත් මේ සංවාදයෙදි කතා කළ නිසයි.

වැහි දැරිවිගෙ වැහි කියැවිල්ල ඔන්න එහෙනම් මෙතැන අමුණා තියනවා.

https://youtu.be/UvcJXpavyYo?si=dV-C8tI3M2H1McOt


4 comments:

  1. මරු . ඉයන් ගේ ඒ ගීතය අහල තියනවා . ෆේස්බුක් එකෙත් ෂෙයාර් කළා . එක ටිකක් අර ශානායා ට්වේන් ගේ වුමන් සින්දුව වගේ නැත්ද

    ReplyDelete
    Replies
    1. Shaniaගෙ Man, I feel like a woman සින්දුවද.. එයාගෙ ඒ තීම් එකේ තව එකක් තියනව, එක පාරට මතක් වෙන්නෙ නෑ!

      Delete
    2. she is not just a pretty face - https://www.youtube.com/watch?v=BQGFFYEIfhU

      Delete