Wednesday, January 1, 2025

123. සිත්තර ‍අසපුව - ‍ක‍ෙටිකතාව - පළමු කමටහන


‍ප‍ෙර ලිවුම - 2025 පළමු ලිවුම විදියට වියුණු ලියන්නන්ට අත්තහිත-පරහිත ‍සුව සලසන වසරරුණැල්ලක් පතන අතර ‍ක‍ෙටිකතාවක් ලියන්න හිතුවා. වසර ගණනක් තිස්ස‍ෙ ඩ්‍රාෆ්ට් ‍ව‍ෙලා තිබුණ - නමුත් ලිවුම මඟහැරුණ කතාවක්. ‍අද පළමු කමටහන!

                              
සිත්තර ‍අසපුව - ‍පළමු කමටහන




නුන්නු සිය සිහින් දිගු අතැඟිලි කැන්වසය මත පුරුදු තානයට ගෙන ගියාය.

නුන්නූ දැන් ඉන්නෙ විවේක ගන්න ඕන කාලෙ. චිත්‍ර අඳින එක අඩු කළා නම් හොඳයි නේද?

තරුණියගේ සවිමත් අත් නුන්නුගේ දුබල අත් අස වාරුවක්ව නැගුණි. නුන්නු එඅත අල්ලාගනිමින් අසුනින් නැගුණාය.

මිනිස්සුන්ට මරණින් පස්සෙවත් විවේක ගන්න බැහැ පුතා. භවයෙන් භවයට සැරිසරන්න තියෙනවා. විවේකයක් අවශ්‍ය නම් නිවන් අවබෝධ කරගන්න ඕන.

ජීවිතයේ වැඩි කාලයක් රසායන විද්‍යාව සමග ගත කළ තරුණිය භව ගමන ගැන වැඩිමනත් දෙයක් දැන උන්නේ නැත. එහෙත් ඈ අලුත් දේ දැනගන්නට ආශා කළාය. නුන්නු සයනය වෙතට ගෙනගොස් සැතපවූ පසු තරුණිය එතැනම බිම වාඩි වූයේ එහෙයිනි. නිවසෙහි සුවපාසු පලස් මත වාඩිගත් කලෙක නොදැනුනු විසල් සැනසිල්ලක් නුන්නුගේ කුඩා කුටියේ ලෑලි පොලොව මත ඇයට දැනෙමින් තිබිණ.

තරුණිය යමක් පොරොත්තුවෙන් ඉන්නා වග නුන්නු වටහාගත්තාය. මුත් තරුණිය වෙතින්ම පැනය නැගෙන තුරු ඈ මුනිවත රකිමින් සිටියාය. දීර්ඝ නිශ්ශබ්දතාවකට පසු තරුණිය කතා කරන්නට පටන් ගත්තාය.

නුන්නු, නිවන් අවබෝධ කරන්නේ කොහොමද? එතකොට අපට විවේක ගන්න පුලුවන්ද?

නුන්නුගේ වියපත් වතේ මදහසක් පහළ විය. උපන්දා පටන් ගෙවූ වෙහෙසකර දිවියෙන් තරුණියට ඉසිඹුවක් අවැසි වී තිබේ. නිවන ඒ වෙහෙසට තාවකාලික පිළියමකැයි ඈ කල්පනා කරනවා විය යුතුය.

නුන්නු සිය මිණිපිරිය දෙස අලුතින් බැලුවාය. ආසියානු ඇමරිකානු සම්භවයකින් යුතුව ජීවිතයෙන් වැඩි කලක් සයුරෙන් එහා හැදී වැඩුණු මේ දැරියට ජීවිතය වෙහෙසකැයි දැනෙන බව ඈට මෙතෙක් සිතී තිබුණේ නැත.

පුතාට විවේකයක් වුවමනායි; එහෙම නේද?

තරුණියගේ ඇසිපිය වේගයෙන් සැලෙමින් තිබිණ. ඕ වෙහෙසකර ස්වරයකින් කතා කළාය.

නුන්නු, මට මහන්සියි. ලැබ් ඇතුළෙ පැය ගණන් දිය වෙලා මහන්සියි. මං ආදරේ කරලා තියෙනවා. මට ආදරේ කරලත් මහන්සියි.

නුන්නු සයනය පාමුලට සුරු අත දිගු කොට තරුණියගේ දැවෙන හිස මත තැබුවාය.

පුතා, පුතාට ආදරේ කරලා නැහැ වගෙයි.

- මතු සම්බන්ධයි - 

4 comments:

  1. කෙටි කතාවක් නම් ඉවරවෙනකල් ඉන්න එපැයි අදහසක් කියන්න. මේ සටහන ආවා කියෙව්වා කියන්නයි.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික කියවලාම අදහසක් කියමු!

      Delete
  2. අපිව රසයෙන් අවුස්සා මගින් නවත්වන එකයි නරක

    ReplyDelete
    Replies
    1. මෙච්චර නොවැ ඩ්‍රාෆ්ට් වෙලා තිබුණෙ..!

      ඉතුරු ටික ලියනවා ඉඩක් ලද වහා!

      Delete